දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවයට සමගාමීව ජංගම සායන වැඩසටහනක් ........

by

Posted on 2024-07-10

දක්ෂිණ ජන මෙහෙවර ජංගම සේවයට සමගාමීව මුලටියන පශු වෛද්‍ය කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පස්ගොඩ සහ හක්මණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගොවීන් සඳහා ජංගම සායන වැඩසටහනක් ජූලි මස 05 වැනිදා පැවැත්විණි. මෙහි දී ප්‍රතිලාභීන් 105 දෙනකු සඳහා සේවාවන් රැසක් ලබා දුන් අතර සත්ත්ව පාලනය පිළිබඳ පුහුණු පංති පැවැත්වීම යටතේ කිරි ගව පාලනය, එළු පාලනය, බිත්තර සඳහා වන කිකිළි පාලනය පිළිබඳ දැනුම්වත් කිරීම සිදු කෙරිණි. එමෙන්ම පශු වෛද්‍ය නිලධාරීන් ගේ සහභාගීත්වයෙන් ජංගම සායන කණ්ඩායම් 03 ක් වශයෙන් ප්‍රතිලාභීන් 23 දෙනකු ට අදාළව මදසරුභාවය සඳහා ප්‍රතිකාර සායන පැවැත්වීම, පශු පර්යේෂණ ආයතනයෙහි සහභාගීත්වයෙන් රෝග හඳුනා ගැනීම සඳහා ජංගම රසායනාගාර පරීක්ෂණ පැවැත්වීම, ගොවිපළ සඳහා උපදේශන වැඩසටහන් පැවැත්වීම සහ සත්ත්ව පාලනයේ නිරත ගොවීන් සඳහා සෞඛ්‍යාරක්ෂණ කට්ටල ලබා දීම වැනි සේවාවන් රැසක් මෙහිදී සපයනු ලැබිණි. මෙම අවස්ථාවට ධීවර, සත්ත්ව නිෂ්පාදන හා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතා, දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ කේ.එල්.කේ.එස්.පෙරේරා මහත්මිය, අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) රසාංග සූරියආරච්චි මහතා, දිස්ත්‍රික් අධ්‍යක්ෂ ටී.අයි.වීරකෝන් මහත්මිය ඇතුළුව පශු වෛද්‍ය නිලධාරීන් සහ සත්ත්ව සංවර්ධන උපදේශකවරු සහභාගී වූහ..........


උතුම් සත්කාරක සේවාවක් වශයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මූල්‍යමය දායකත්වය මගින් විදුලි ආලෝකය ලබා දී අමු ද්‍රව්‍යමය ආධාරයක් ද ලබාදෙන ලදී.

by

Posted on 2024-06-18

2024 මැයි මස 07 වන දින ධීවර සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශ ලේකම් යූ.ජී. විදුර කාරියවසම් මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් බද්දේගම, මී මැඩුම, ගඟ අද්දර පදිංචි වඩුගේ කාංචනා දමයන්ති මහත්මියගේ දරු තිදෙනෙතුගෙන් යුක්ත පවුලක නිවසට උතුම් සත්කාරක සේවාවක් වශයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ මූල්‍යමය දායකත්වය මගින් විදුලි ආලෝකය ලබා දී අමු ද්‍රව්‍යමය ආධාරයක් ද ලබා දෙන ලදී. මෙහිදී අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අමාත්‍යාංශ ලේකම් තුමාගේ සුරතින් විදුලි ආලෝකය විවෘත කරන ලදී..........


ලෝක පරිසර දින සැමරුමට සමගාමීව පාරිසරික කෙටි නාට්‍ය තරගාවලියක්.............

by

Posted on 2024-06-18

ලෝක පරිසර දින සැමරුමට සමගාමීව දකුණු පළාත් පාසල් දරුවන් සඳහා පැවැත්වූ පාරිසරික කෙටි නාට්‍ය තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 ජුනි මස 13 වන දින දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. දකුණු පළාත් පරිසර අමාත්‍යංශයීය මූල්‍ය දායකත්වය සහ දකුණු පළාත් මධ්‍යම පරිසර අධිකාරයේ මෙහෙයවීම මත පැවැත්වුණු මෙම කෙටි නාට්‍ය තරගාවලියේ පිළිවෙළින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අගුණකොළපැලැස්ස හ/ ගුරුවල කනිෂ්ඨ විද්‍යාලය, අම්බලන්ගොඩ ගා/ ප්‍රජාපති බාලිකා විද්‍යාලය සහ ගා/ අනුලාදේවී විද්‍යාලය සඳහා කුසලාන සහ සහතිකපත් ප්‍රදානය දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන් මහතා, දකුණු පළාත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් යු.ජී.විදුර කාරියවසම් මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ සුනිල් ගරුසිංහ මහතා අතින් සිදු කෙරිණි. පරිසර සංරක්ෂණය තේමාව යටතේ පාසල් දරුවන්ගේ නිර්මාණශීත්වය හා කලා හැකියාවන් ඔප්නැංවීම අරමුණු කරගනිමින් පවත්වන ලද නාට්‍ය තරගාවලියේදී ජයග්‍රහණ ලද නාට්‍ය ‍පාසල් දරු දැරියන් විසින් මෙම උත්සව අවස්ථාවේ දී ඉදිරිපත් කිරීම තුළින් සහභාගීවූවන්ට ප්‍රාසංගික අත්දැකීමක් ලබා දීම ද විශේෂත්වයකි. මෙම අවස්ථාවට, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුලෝචනා විදානපතිරණ මහත්මිය, දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රසාංග සූරිආරච්චි මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.එල්.කේ.සී.ප්‍රසාදනී මහත්මිය, සහකාර ලේකම් ඒ.පී.ආර්.පූර්ණිමා මහත්මිය, ගණකාධිකාරී වයි.ආර්.එන්.සඳමාලි මහත්මිය, පරිපාලන නිල.........


වෙරළ පවිත්‍රතා වැඩසටහන මාදම්පාගම වෙරළ තීරයේ දී

by

Posted on 2024-06-18

දකුණු පළාත් පරිසර අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද වෙරළ පවිත්‍රතා වැඩසටහනක් 2024 ජුනි මස 06 වන දින මාදම්පාගම වෙරළ තීරයේ දී පැවැත්විණි. ජගත් පරිසර දිනයට සමගාමීව නම් කරන ලද පරිසර සතියේ ජුනි 03 වන දිනට යෙදුණු පරිසර පවිත්‍රතා දිනය වෙනුවෙන් මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග ඒකාබද්ධව පවත්වන ලද මෙම වැඩසටහනට දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතා, මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් සුසීමා කාරියවසම් මහත්මිය ඇතුළු දකුණු පළාත් පරිසර අමාත්‍යංශයීය නිලධාරීන් සහ මාදම්පාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් රැසක් සහභාගී වූහ. දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) රසාංග සූරියආරච්චි මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) කේ.එල්.කේ.සී.ප්‍රසාදනී මහත්මියගේ අධීක්ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. .........


ජගත් පරිසර දිනය වෙනුවෙන් දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණයේ දී රුක්රෝපණ වැඩසටහනක්

by

Posted on 2024-06-18

ජගත් පරිසර දිනය වෙනුවෙන් නම් කරන ලද ජාතික පරිසර සතියට සමගාමීව ජුනි මස 05 වන දිනට යෙදුණු ජාතික රුක්රෝපණ දිනය නිමිතිකොට ගෙන දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණයේ දී රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. දකුණු පළාත් පරිසර අමාත්‍යංශය සහ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලද මෙම රුක්රෝපණ වැඩසටහනේ දී පේර, වෙරළු, අනෝදා, පැණි වරකා, අලිගැටපේර, බෙලි, උගුරැස්ස වැනි ගුණාත්මක බවින් අනූන පළතුරු පැළ රෝපණය කිරීම සිදු කෙරිණි. දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන් මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් ඩබ්.ක්‍රිසන්ත මහේන්ද්‍ර මහතා, දකුණු පළාත් පරිසර කටයුතු අමාත්‍යංශ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතා, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ඒ.යූ.වේලාරත්න මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ සුනිල් ගරුසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය..........


Clean Opinion සහ COPA ඉහළ කාර්යසාධන මට්ටමක් ලබා ගැනීම

by

Posted on 2024-03-21

අඛණ්ඩව හතරවන වතාවටත් ජාතික විගණන කාර්යාලයෙන් පිරිසිදු විගණන මතයක් (Clean Opinion) ලබා ගැනීම හා අඛණ්ඩව තුන්වන වතාවටත් පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාවෙන් (COPA) ඉහළ කාර්යසාධන මට්ටමක් (High Performance Level – ලකුණු 196 / 200) ක් ලබා ගැනීම වෙනුවෙන් ගරු දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ ඇගයීමට ලක්වූ අවස්ථාව. මෙම සම්මාන ප්රධානෝත්සවය 2024.03.01 දින දක්ෂිණපාය අමාත්යංශ සංකීර්ණ ශ්රවණාගාරයේදී පැවැත්වූ අතර ඒ සඳහා අමාත්යාංශ ලේකම් යූ.ජී. විදුර කාරියවසම් මහතා, නියෝජ්ය අධ්යක්ෂ රසාංග සූරියාරච්චි මහතා , ගණකාධිකාරි සඳමාලි රුහුණගේ මහත්මිය , සහකාර ලේකම් ඒ.පී.ආර්. පූර්ණිමා මහත්මිය හා විෂය නිලධාරී අනුෂ්කා සමරනායක මෙනවිය සහභාගී විය..........


වේරගොඩ මැටි භාණ්ඩ නිෂ්පාදන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පවත්වා ගෙන යනු ලබන භූමිය දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම

by

Posted on 2024-02-02

වේරගොඩ මැටි භාණ්ඩ නිෂ්පාදන සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානය පවත්වා ගෙන යනු ලබන භූමිය දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීම 2024.01.31 දින දකුණු පළාත් ධීවර සත්ත්ව නිෂ්පාදන අමාත්‍යාංශ ලේකම් යූ.ජී. විදුර කාරියවසම් මහතා අතින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කරන ලදී. දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් ජේ.ඒ.එස්. ජයසිංහ මහතා, අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පාලන) ඒ.පී.ආර්. පූර්ණිමා මහත්මිය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) බී.ආර්. සූරියආරච්චි මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය..........


ජංගම සත්ත්ව සායනයක් නෙළුව දී....

by

Posted on 2023-11-29

දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කළ ජංගම සත්ත්ව සායනයක් පසුගියදා නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඉතාමත් සාර්ථකව පවත්වන ලදී. නෙළුව හා තවලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ ආවරණය කරමින් හිනිදුම පශු වෛද්‍ය කොට්ඨාසය තුළදී පවත්වන ලද මෙම ජංගම සත්ත්ව සායනය මඟින් කොට්ඨාසයේ සියළුම සත්ත්ව පාලනයේ නියුතු ගොවිමහතුන්ට අවශ්‍ය සේවාවන් සැපයීම සිදු කරන ලදී. මෙහිදී කොට්ඨාසයේ ගොවි මහතුන් සඳහා සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය දැනුම්වත් කිරීම් හා පුහුණු වැඩසටහන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදී සිදු කරන ලදී. එමෙන්ම සුරතල් සතුන් ඇතුළුව සත්ත්ව පාලනයට අදාලව සතුන්ට වැළදෙන රෝග පාලනය පිළිබඳ විශේෂ දැනුම්වත් කිරීම් සිදු කරන ලද අතර සතුන්ට අවශ්‍ය ප්‍රථමාධාර කට්ටල, සෞඛ්‍යාරක්ෂිත උපකරණ කට්ටල හා ඛණිජ මිශ්‍රණ ඇතුළත් පැසක් ලබා දීම විශේෂත්වයකි. මෙම වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2 තුල මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපල 05ක් ස්ථාපිත කිරීම සහ එක් ප්‍රතිලාභියකු වෙනුවෙන් කිකිලි පැටවුන් 100 බැගින් ලබා දීම සිදු කරන ලද අතර සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික සැලැස්මට අදාළ සංවර්ධන කටයුතු සාර්ථකව නිමකල ප්‍රතිලාභින් වෙත අදාළ මුල්‍ය සහනාධාර ලබා දීමද සිදු කරන ලදි. එමෙන්ම ප්‍රදේශයේ සත්ත්ව ගොවිපල පිළිබඳ ගොවීන් විසින් ලබා දුන් සියළුම ඉල්ලීම් සඳහා ක්‍ෂේත්‍ර පරීක්ෂාවන් සිදු කිරීමට පශු වෛද්‍ය හා සත්ත්ව සංවර්ධන උපදේශක කණ්ඩායමක් කටයුතු කිරීම ගොවීන්ගේ මහත් ඇගයීමට ලක් විය. මෙම වැඩසටහන දකුණු පළාත් සත්ත්.........


"ලිපිගොනු කළමනාකරණය හා යාවත්කාලීනව ඒවා නඩත්තු කිරීම හා රාජකාරී ලිපි ගනුදෙනුව" පිළිබඳ පුහුණුව

by

Posted on 2023-11-14

2023.11.13 දින අමාත්යංශය මගින් වක්වැල්ල පුහුණු ආයතනයේදී "ලිපිගොනු කළමනාකරණය හා යාවත්කාලීනව ඒවා නඩත්තු කිරීම හා රාජකාරී ලිපි ගනුදෙනුව" සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ, යටත් දෙපාර්තමේන්තු හා අධිකාරියේ නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් පැවැත්විණි. දෙපාර්තමේන්තු ප්‍රධානීන් , ආයතන ප්‍රධානීන් , පරිපාලන නිලධාරීන් , විෂය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙහිදී දැනුවත්භාවය ලබා ගත් අතර ආරම්භක අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්තුමාගේ සහභාගීත්වයද සිදුවුණි. සම්පත්දායකත්වය විශ්‍රාමික ජ්‍යේෂ්ඨ පරිපාලන සේවයේ නිලධාරී බුද්ධප්‍රිය නිගමුණි මහතා විසින් ලබා දෙන ලදී..........


සූර්යබලශක්ති පද්ධතිවල වැදගත්කම හා නඩත්තුව පිළිබඳ දැනුම්වත්කිරීමේ පුහුණු වැඩමුළුවක්........

by

Posted on 2023-11-09

දකුණු පළාත් විදුලිබල අමාත්යාංශයේ මෙහෙයවීමෙන් වක්වැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සූර්යබලශක්ති පද්ධතිවල වැදගත්කම හා නඩත්තුව පිළිබඳ එක් දින පුහුණු වැඩමුළුවක් 2023 නොවැම්බර් මස 06 වන දින වක්වැල්ල කළමනාකරණ සංවර්ධන පුහුණු ආයතනයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධීකාරක එස්.එච්.පී.සමරනායක මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වුණු මෙම වැඩසටහන මගින් දකුණු පළාතේ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා සූර්ය බලශක්ති පද්ධතිවල වැදගත්කම හා නඩත්තුව පිළිබඳ අවශ්‍ය දැනුම ලබා දීම අපේක්ෂා කෙරිණි. මෙම වැඩමුළුව මේ වන විට දකුණු පළාත් විදුලිබල අමාත්‍යාංශයේ අනුග්‍රාහකත්වයෙන් සූර්යබලශක්ති පද්ධති ස්ථාපනය කර ඇති ආයතනවල එම පද්ධතීන්හි නඩත්තුව සිදු කරනු ලබන නිලධාරීන් හා සේවකයින් ඇතුළුව හඳුනාගත් ආයතනවල පුහුණුලාභීන් 60 දෙනකුගේ සහභාගීත්වයෙන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව පුහුණුලාභීන්ගේ සක්‍රීය දායකත්වයෙන් සිදු කෙරිණි. බලශක්ති අර්බුදයට විසඳුම් වශයෙන් පුනර්ජනනීය බලශක්ති භාවිතය කෙරෙහි අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවයක්ව පවතින මෙවැනි කාලවකවානුවක සූර්යබල පද්ධතීන්හි අවශ්‍යතාවය සහ එම පද්ධතීන් හි නඩත්තු කටයුතු පිළිබඳ දැනුම්වත් කිරීම මෙහිදී සිදු කෙරුණු අතර දකුණු පළාත් විදුලිබල අමාත්‍යාංශයීය ලේකම් යූ.ජී. විදුර කාරියවසම් මහතාගේ ඉල්ලීම පරිදි වක්වැල්ල පුහුණු මධ්‍යස්ථානය මගින් වැඩසටහන මෙම ක්‍රියාත්මක කෙරිණි..........


වතු හා ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් තවත් පුහුණු අවස්ථා........

by

Posted on 2023-11-08

දකුණු පළාත් ඒකාබද්ධ ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය හා වතු ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සහ ආදායම් උත්පාදනය වෙනුවෙන් දායකත්වය ලබා දීම අරමුණු කරගනිමින් පාවහන් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2023 නොවැම්බර් මස 02 හා 03 යන දෙදින පවත්වන ලදී. “නිගෝෂු අකැඩමි” කළමනාකරු නලින් ඩයස් මහතාගේ සම්පත්දායකත්වයෙන් ප්‍රතිලාභීන් 20 දෙනෙකු සඳහා පැවැත්වූ මෙම වැඩසටහනේ දී එක් පුහුණුලාභියකු වෙනුවෙන් පාවහන් යුගල වර්ග 04 ක් නිෂ්පාදනය කිරීම සඳහා පුහුණුව ලබා දෙන ලදී. දකුණු පළාත් ග්‍රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) කේ.එල්.කේ.සී.ප්‍රසාදිනී මහත්මියගේ අධීක්ෂණය මත පැවැත්වූ මෙම වැඩසටහනට නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) බිනර ධර්මප්‍රිය මහතා ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරීන්, අමාත්‍යාංශයීය විෂය නිලධාරීන් සහභාගී වූහ..........


පෞද්ගලික ලිපිගොනු වල පවතින ගැටලුකාරී තත්වයන් නිරාකරණය කර ගැනීම

by

Posted on 2023-11-06

අමාත්‍යාංශයේ හා දෙපාර්තමේනතු වල පෞද්ගලික ලිපිගොනු වල පවතින ගැටලුකාරී තත්වයන් කඩිනමින් නිරාකරණය කර ගැනීමේ අරමුණින් ලේකම් තුමාගේ මූලිකත්වයෙන් සාකච්ජාවක් අද දින මාතර කර්මාන්ත කාර්යාල පරිශ්‍රයේදී දී පැවැත්වුණි. ඒ අවස්තාවට අමාත්‍යාංශ නිලධාරීන් , දෙපාර්තතමේන්තු ප්‍රධ‍ානීන් , පරිපාලන නිලධාරීන් ඇතුලු නිලධාරීන් සහභාගී වූහ. එහිදී දෙපාර්තතමේන්තු නිලධාරීන් ලේකම්තුමාගෙන් ඍජුවම උපදෙස් ලබා ගනිමින් ඔවුන්ගේ විෂය ගැටලු රාශියකට විසදුම් ලබා ගන්නා ලදී. .........


ධීවර ප්‍රදර්ශනය මාර/ දෙයියන්දර ජාතික පාසලේ දී..

by

Posted on 2023-11-06

මාර/ දෙයියන්දර ජාතික පාසලට වර්ෂ 140 ක් සපිරීම නිමිතිකරගෙන 2023 නොවැම්බර් මස 01, 02 හා 03 යන තෙදින පවත්වන ලද “ජීනියස් මයින්ඩ්ස් 2023” අධ්‍යාපනික හා තාක්ෂණික ප්රදර්ශනයේ දී දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය විසින් ධීවර කර්මාන්තයේ නූතන හා සාම්ප්‍රදායික උපකරණ, ආම්පන්න ඇතුළත් කුටියක් ප්‍රදර්ශනය කෙරිණි. අන්තර්ජාලයෙන් දැනුම සොයන වර්තමාන පාසල් දරු දැරියන් සඳහා පියවි ඇසට හසුවන ප්‍රායෝගිකත්වය සමග දැනුම ලබා දීමට හැකියාව ලද මෙම ප්‍රදර්ශනයේ දී වීඩියෝ දර්ශන ප්‍රචාරණය කිරීමෙන් හා දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කිරීමෙන් පරිසර සංරක්ෂණයේ වැදගත්කම කෙරෙහි ද සිසු දරු දැරියන් අභිප්‍රේරනය කිරීම ද සිදු කෙරිණි. දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයීය ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) රසාංග සූරියආරච්චි මහතාගේ අධීක්ෂණයෙන් පැවැත්වූ මෙම අවස්ථාවට අමාත්‍යාංශයීය විෂය නිලධාරීන් සහ මාතර දිස්ත්‍රික් ජල ජීවී වගා ව්‍යාප්ති කාර්යාලයේ නිලධාරීන් සහභාගී වූහ..........


වතු හා ග්‍රාමීය ප්‍රජාවගේ ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන් නව අත්වැලක්...........

by

Posted on 2023-11-02

දකුණු පළාත් ඒකාබද්ධ ව්යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ වැලිවිටිය දිවිතුර ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද ඉල්ලීම පරිදි දකුණු පළාත් ග්රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශයීය අනුග්රාහකත්වයෙන් බූන්දි හා බයිට් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2023 ඔක්තෝබර් මස 31 වන දින වැලිවිටිය දිවිතුර ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි. ගාල්ල දිස්ත්රික්කය තුළ රු. 250,000.00 ක ප්රතිපාදන මගින් ක්රියාත්මක කිරීමට නියමිත වැඩසටහන්වල ආරම්භක වැඩසටහන වශයෙන් අද දින පැවැති මෙම වැඩසටහන වැලිවිටිය දිවිතුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්රාමීය හා වතු ප්රජාවගේ ජීවනෝපාය සංවර්ධනය අරමුණු කර ගනිමින් ප්රතිලාභීන් 25 දෙනෙකු ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. දකුණු පළාත් ග්රාමීය හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි නියෝජ්ය අධ්යක්ෂ (ක්රමසම්පාදන) කේ.එල්.කේ.සී.ප්රසාදනී මහත්මියගේ අධීක්ෂණය මත දකුණු පළාත් කාර්මික සංවර්ධන මණ්ඩලයේ උපදේශිකා මල්ලිකා වික්රමසිංහ මහත්මියගේ සම්පත්දායකත්වයෙන් සහ අමාත්යාංශයීය විෂය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි..........


රත්ගම කලපුව ආශ්‍රිත ගැටළු විසඳීමට නව පියවරක්..........

by

Posted on 2023-10-30

දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්තුමාගේ ඉල්ලීම පරිදි රත්ගම කලපුව ඵලදායී ලෙස සංවර්ධනය කිරීම හා ඒ ආශ්‍රිතව පවතින ගැටළු විසඳීම පිළිබඳ අදාළ පාර්ශ්වකරුවන් සමග සාකච්ඡාවක් පසුගියදා රත්ගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහිදී රත්ගම කලපුව ආශ්‍රිතව අනවසරයෙන් මසුන් ඇල්ලීම, නීතිවිරෝධී දැල් ආම්පන්න භාවිතා කිරීම, සාම්ප්‍රදායික ධීවරයින්ට තම කර්මාන්තය කරගෙන යාම අපහසු වීම, කලපුව අපවිත්‍රවීම නිසා මත්‍ස්‍ය ගහනය අඩුවීම හා පරිසර පද්ධතිය විනාශ වීම යන කරුණු පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරන ලද අතර ඒ සඳහා වන විසඳුම් යෝජනා හඳුනා ගැනීම සිදු විය. මෙහිදී මූලික වශයෙන් කලපු කළමනාකරණ සැලැස්ම යටතේ රත්ගම කලපු කළමනාකරණ කමිටුව පිහිටුවීමට අවධානය යොමු කරන ලද අතර එම කටයුතු කඩිනමින් සිදුකිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කෙරිණි. තවද රත්ගම කලපුව ආසන්නව ධීවර සමිති 02 ක් පිහිටුවමින් එම සමිති හරහා ධීවර කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුතු සිදු කිරීමටත් අදාළ පාර්ශ්ව වෙත උපදෙස් ලබා දුන් අතර මත්ස්‍ය ගහනය ඉහළ නැංවීම සඳහා මත්ස්‍ය පැටවුන් හා ඉස්සන් පසු කීටයන් තැම්පත් කිරීමත් දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයීය ප්‍රතිපාදන මත සිදු කර දීමට තීරණය කෙරිණි. එමෙන්ම රත්ගම කලපුව ආශ්‍රිත ප්‍රජා සංවිධාන සම්බන්ධ කර ගනිමින් පරිසරය සුරැකීමේ වැඩසටහන් සිදු කිරීමටත් සාකච්ඡාවට සහභාගී වූ සියළු පාර්ශ්ව වෙත අදාළ වගකීම් නිසි පරිදි බෙදා දී රත්ගම ප්රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ඉදිරි කටයුතු කඩිනම් කිරීමටත් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි. මෙම .........


Soja Biz – 2023 වෙළෙඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය අතිසාර්ථකව පැවැත්වූ වගයි

by

Posted on 2023-08-22

Soja Biz – 2023 වෙළෙඳ හා කර්මාන්ත ප්‍රදර්ශනය අතිසාර්ථකව පැවැත්වූ වගයි...... දකුණු පළාත් ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශ්‍යය සහ දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව සංවිධානය කළ Soja Biz – 2023 කර්මාන්ත ප්‍රදර්ශනය අගෝස්තු මස 13,14 දෙදින ගාල්ල මහා නගර සභා ශාලා පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දකුණු පළාත් කර්මාන්තකරුවන්ගේ නිෂ්පාදන සඳහා දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පැවැති මෙම කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනයේ පළමු දින සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයින් ලෙස දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමා, දකුණු පළාත් ප්‍රධාන ලේකම් නීතීඥ සුමිත් අලහකෝන් මහතා, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා, ආණ්ඩුකාර ලේකම් දීපිකා ගුණරත්න මහත්මිය, ජපාන වෙළෙඳ සංගමයේ සභාපති කෂුයුකි කියෝතා මහතා ඇතුළු සාමාජික කණ්ඩායම, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ මහතා සහ දකුණු පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ‍. එදින රාත්‍රියේ උතුරු පළාත් සංචාරක කාර්යාංශයේ නිලධාරීන් සහ දකුණු පළාත් රාජ්‍ය නර්තන කණ්ඩායමේ සහභාගීත්වයෙන් ශ්‍රිලාංකේය අනන්‍යතාවය විදේශිකයන් හමුවට ගෙනහැර දක්වමින් පැවැත්වූ උත්කර්ෂවත් සංස්කෘතිකාංග රැසකින් සමන්විත වූ සංස්කෘතික සංදර්ශනයකින් සහ මල්වෙඩි සංදර්ශනයකින් පළමු දින සමාප්තිය සනිටුහන් විණි. ප්‍රදර්ශනයේ දෙවන දින සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් කර්මාන්ත අම.........


Soja biz 2023

by

Posted on 2023-08-22

.........


රිදී සම්මාන පිරිනැමීම

by

Posted on 2023-07-24

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහල කාර්යසාධන මට්ටමක් ලගා කර ගත් ආයතන 90 ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීම ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී 2023.07.18 දින සිදු කෙරිණ. රාජ්‍ය පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස් කර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාල ගත ක්‍රමය මඟින් වාර්ෂිකව ඇඟයෙන අතර , ඒ අනුව විගණකාධීපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට සිදු කල ඇඟයීම් අනුව ඉහල කාර්ය සාධනයක් පෙන්නුම් කල රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය. ඒ අනුව රාජ්‍ය ආයතන 833 ක් ඇඟයීමට ලක් වූ අතර එහිදී රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ අධීක්ෂණයට යටත් වන ආයතනයන්හි මූල්‍ය අනුකූලතාවය සහ මෙහෙයුම් කාර්ය සාධනයට අදාළව අප අමාත්‍යාංශය 2019 සහ 2020 වර්ෂ වලදී ඉහල කාර්ය සාධනයක් පෙන්නුම් කල රාජ්‍ය ආයතනයක් ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබූ වගයි. මෙහිදී අමාත්‍යාංශය නියෝජනය කරමින් අමාත්‍යංශ ලේකම් විදුර කාරියවසම් මහතා මෙම අවස්ථාව සඳහා සහභාගි විය..........


2021 වර්ෂයේ මූල්ය ප්රකාශන සඳහා පිරිසිදු විගණන මතයක් ලබා ගත් ආයතන ඇගයීමේ උත්සවය

by

Posted on 2023-02-17

2021 වර්ෂයේ මූල්ය ප්රකාශන සඳහා පිරිසිදු විගණන මතයක් ලබා ගත් ආයතන ඇගයීමේ උත්සවය ගරු දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්රධානත්වයෙන් 2023.02.14 දින ප්රධාන ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේ දී පැවැත්විණි. දකුණු පළාත් ධීවර අමාත්යාංශය වෙනුවෙන් එම සම්මානය හා සහතික ලබා ගැනීම සඳහා අමාත්යාංශ ලේකම් විදුර කාරියවසම් මහතා, ගණකාධිකාරි ඩී.එස්.දිසානායක මහත්මිය,සහකාර ලේකම් එල්.එච්.එල්.යසිරු විද්යාධර මහතා, පරිපාලන නිලධාරී නදීෂා හේවාපතිරණ මහත්මිය හා විෂය නිලධාරින් වන අනුෂ්කා සමරනායක මෙනවිය හා දිනූශා ලියනාරච්චි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය..........


2020 මූල්ය වර්ෂයට අදාළව පාර්ලිමේන්තු රාජ්ය ගිණුම්කාරක සභාව මඟින් මාර්ගගත ක්රමයට මෙහෙයවූ ප්රශ්නාවලි වැඩසටහනේ ඉහළ කාර්ය සාධන මට්ටමක් ලබා ගත් ආයතනය ඇගයීම

by

Posted on 2023-02-17

2020 මූල්ය වර්ෂයට අදාළව පාර්ලිමේන්තු රාජ්ය ගිණුම්කාරක සභාව මඟින් මාර්ගගත ක්රමයට මෙහෙයවූ ප්රශ්නාවලි වැඩසටහනේ ඉහළ කාර්ය සාධන මට්ටමක් ලබා ගත් ආයතනය ඇගයීම යටතේ මූල්ය අනුකූලතා හා කාර්ය සාධන අනුකූලතා යන අංශ දෙකින්ම ඉහළ ලකුණු මට්ටමක් වන ලකුණු 195 ක් ලබා ගත් ආයතනයක් ලෙස ඇගයීමේ උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්රධානත්වයෙන් 2023.02.14 දින ප්රධාන ලේකම් කාර්යාලීය ශ්රවණාගාරයේදී පැවැත්විණි.මෙම අවස්ථාව සඳහා අමාත්යාංශ ලේකම් විදුර කාරියවසම් මහතා, ගණකාධිකාරි ඩී.එස්. දිසානායක මිය, සහකාර ලේකම් එල්.එච්.එල්.යසිරු විද්යාධර මහතා පරිපාලන නිලධාරී නදීෂා හේවාපතිරණ මහත්මිය හා විෂය නිලධාරීන් වන අනුශ්කා සමරනායක හා දිනූශා ලියනාරච්චි මහත්මිය ඇතුළු පිරිස සහභාගී විය..........


අන්තර් පළාත් ස්ථාන මාරුවීම් යාන්ත්‍රණයක් සකස් කිරීම

by

Posted on 2022-12-29

අන්තර පළාත් ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අපේක්ෂිත නිලධාරීන්ගේ තොරතුරු එක්රැස් කිරීම සඳහා ගූගල් පෝරමයක් මේ වන විට සකස් කර ඇති අතර ඔබ ආයතනය යට‍තේ අන්තර පළාත් ස්ථාන මාරු වීම් ලබා ගැනීමට අපේක්ෂිත සියළුම නිලධාරීන් පහත සබැඳිය ඔස්සේ ගූගල් පෝරමය (Google form) වෙත පිවිස අදාළ තොරතුරු 2022.12.30 දිනට පෙර ඇතුලත් කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි. https://docs.google.com/forms/d/e/1FAIpQLSf2nDfBurQKO3OaZG38XBWrXEpsqjgyh5kR_KQAY2jJYtU6pg/viewform.........


"පරිසර සොබා රූ" චිත්‍ර නිර්මාණ තරඟය

by

Posted on 2022-11-28

.........


දක්ෂිණ පෝෂණ සුරක්ෂා වැඩසටහනට සමගාමීව තෝරා ගත් පාසල් සඳහා දියර කිරි වීදුරුවක් ලබා දීමේ ව්‍යාපෘතිය

by

Posted on 2022-11-18

දක්ෂිණ පෝෂණ සුරක්ෂා වැඩසටහනට සමගාමීව තෝරා ගත් පාසල් සඳහා දියර කිරි වීදුරුවක් ලබා දීමේ ව්‍යාපෘතිය නොවැම්බර් මස 01 වන දින මාර/ ඉහළවිටියල දකුණ කනිෂ්ඨ විද්‍යාලය සහ මාර/බිබුලේවෙල කනිෂ්ඨ විද්‍යාලයෙන් ආරම්භ කෙරිණි. දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් යූ.ජී.විදුර කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ දකුණු පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම හා අධීක්ෂණය මත කඹුරුපිටිය පශු වෛද්‍ය කාර්යාලය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. දකුණු පළාතේ තෝරා ගත් පෝෂණ අවශ්‍යතාවය සහිත දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ..........


2020 ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේදී අප අමාත්‍යාංශය විශේෂ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.

by

Posted on 2022-11-18

.........


විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය

by

Posted on 2022-05-09

දකුණු පළාත් ධීවර අමාත්‍යාංශ ප්‍රතිපාදන යටතේ අපනයන කර්මාන්තයක් වශයෙන් හා ජීවනෝපාය සංවර්ධන වැඩසටහනක් වශයෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2022 වසර සඳහා විසිතුරු මත්ස්‍ය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එහි පළමු වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභීන් තිස් දෙනකු සඳහා විසිතුරු මත්ස්‍ය අභිජනන පුහුණුව ලබා දීම, කුරුණෑගල, රම්බඩගල්ල විසිතුරු මත්ස්‍ය අභිජනන පුහුණු මධ්‍යස්ථානයේ දී 2022 මාර්තු 29 වන දින ආරම්භ කෙරිණි. තෙදින නේවාසික පුහුණු වැඩසටහනක් වන මේ සඳහා 2021 වසරේ දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය මගින් 50% ප්‍රතිලාභී දායකත්වය මත විසිතුරු මත්ස්‍ය වගාව සඳහා ආධාර ලබා දුන් ප්‍රතිලාභීන් ද ඇතුළුව දැනටමත් කර්මාන්තයේ නියැලෙන හා අලුතින් කර්මාන්තයට ප්‍රවිෂ්ඨ වීමට බලාපොරොත්තු වන ප්‍රතිලාභීන් ද ඇතුළත් වෙති. ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් ජලජීවී ව්‍යාප්ති නිලධාරීන් ගේ නිර්දේශය සහිතව තෝරාගත් මෙම පුහුණුලාභීන් සඳහා අමාත්‍යාංශය මගින් එක් අයෙකුට රු.7,500.00 ක් පමණ පිරිවැයක් දරමින් පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරන අතර වැඩසටහන අවසානයේ වටිනා සහතික පත්‍රයක් ද ලබා දීමට කටයුතු කර ඇත..........


2020/2021 වසර වල පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රධානෝත්සවය උත්කර්ෂවත් අන්දමින්

by officer designation1

Posted on 2022-03-23

මධ්‍යම පරිසර අධිකාරිය මගින් දිවයිනේ සියලූම පාසල්වල ක්‍රියාත්මක කරනු ලබන පරිසර නියමු වැඩසටහන් තුලින් සිසු දරු දැරියන්ගේ ක්‍රියාකාරකම් වලට අදාලව ප්‍රධානය කරනු ලබන 2020/2021 වසර වල පරිසර නියමු ස්වර්ණ වර්ණ පදක්කම් ප්‍රධානෝත්සවයේ ගාළු දිස්ත්‍රික් වැඩසටහන දකුණූ පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ලබුදූව දක්ෂිණපාය අමාත්‍යංශ සංකීර්ණ ශ්‍රවනාගාරයේදී 2022-03-15 දින උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල, අම්බලන්ගොඩ, හා ඇල්පිටිය කලාප වල තෝරාගත් පාසල් 17ක දරු දැරියන්ගෙන් පරිසර නියමු දරු දැරියන් 110 දෙනෙකුට මෙහිදී පදක්කම් හා සහතික පත් ගරු ආණ්ඩුකාරතුමන් විසින් ප්‍රදානය කරන ලදී. දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ ලේකම් විදුර කාරියවසම්, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් දිසානායක, පරිසර අධිකාරියේ දකුණු පළාත් අධ්‍යක්ෂ සුසන්ත වෙදගේ යන මහත්වරුන් ඇතුළු දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරියන්, දකුණු පළාත් පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්, අදාල විද්‍යාලවල ගුරු බවතුන් හා පරිසර නියමු පදක්කම්ලාභී දූ දරු දැරියන් මෙම අවස්ථාවට සහභාගී විය. දකුණු පළාත් පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබුනි..........


දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුකාව යාන්ත්‍රික වැඩපොලේ පරිසර අමාත්‍යංශය මගින් ලබාදී ඇති ශාක ඵල දරා ඇති අයුරු

by officer designation1

Posted on 2022-03-23

දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුකාව යාන්ත්‍රික වැඩපොලේ පරිසර අමාත්‍යංශය මගින් ලබාදී ඇති ශාක ඵල දරා ඇති අයුරු.........


දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමේ හා කිරි නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමේ ව්‍යාපෘතිය

by superadmin

Posted on 2022-03-07

දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දියර කිරි භාවිතය ප්‍රචලිත කිරීමත්, කිරි නිෂ්පාදන භාවිතය දිරි ගැන්වීමත් අරමුණු කරගෙන 2021 වර්ෂයේ පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන යටතේ වාර්ෂික සංවර්ධන සැලැස්මෙන් රුපියල් ලක්ෂ පහක දෙපාර්තමේන්තු දායකත්වයෙන් සහ තිස්සමහාරාම කිරි ගොවි සමිතියේ රුපියල් ලක්ෂ පහක ප්‍රතිලාභී දායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහා රාම පශු වෛද්‍ය කොට්ඨාශයේ සිදුකරන ලද ව්‍යාපෘතියක් පෙබරවාරි මස 25 වැනිදා වැනිදා ජනතා අයිතියට පත් කරනු ලැබිණි.මෙම ව්‍යාපෘති යටතේ කිරි නිෂ්පාදන ප්‍රවාහනයට ගැලපෙන පරිදි නවීකරණය කරන ලද ඩිමෝ බට්ටා රථයක් අලෙවි කටයුතු සඳහා කිරි වෙළඳපොළට එකතු කරනු ලැබිණි.මෙම වැඩසටහන දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විදුර කාරියවසම් මහතාගේ උපදේශකත්වයෙන් සත්ව නිෂ්පාදන හා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරනු ලැබිණි .මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය සුනිල් කෙරමිනියගේ මහතා,අතිරේක පළාත් අධ්‍යක්ෂ වෛද්‍ය සේනක රාජසිංහ මහතා,හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සී.පී. වික්‍රමසිංහ මහතා,තිස්ස මහාරාම කොට්ඨාසය භාර පශු වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලක මීමැඩුම මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහ කිරි ගොවීහු සහභාගි වූහ..........


අභ්‍යන්තර ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය

by superadmin

Posted on 2022-02-28

දකුණු පළාත් ධීවර අමාත්‍යාංශය ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන ගාල්ල දිස්ත්‍රික්කයේ වැවිලි සමාගම් යටතේ පවතින වතුවල අභ්‍යන්තර ජලාශවල මිරිදිය ධීවර කර්මාන්තය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතීන්හි තවත් එක් ව්‍යාපෘතියක් 2022.02.23 දින වටවල වැවිලි සමාගමට අයත් නාකියාදෙනිය වතු පරිශ්‍රයේදී සිදු කරනු ලැබිණ . මේ යටතේ හෝමදොල , නාකියාදෙණිය සහ තලන්ගහ වතුවල ස්තාපනය කරන ලද වටවල කළණ මිතුරු ධීවර සමිතියේ හෝමදොල ප්‍රාදේශිකය, නාකියාදෙණිය ප්‍රාදේශිකය ,තලන්ගහ ප්‍රාදේශිකය යන ධීවර සමිති සඳහා එම වතු වල අභ්‍යන්තර ජලාශවල අමාත්‍යාංශය මගින් තැන්පත් කරන ලද මිරිදිය මසුන්ගේ අස්වැන්න නෙළා ගැනීමට අවශ්‍ය දැල් ආම්පන්න සහ යාත්‍රා බෙදාදීම නාකියාදෙණිය වතු පරිශ්‍රයේ දී සිදු කරනු ලැබිණි.මේ සඳහා දකුණු පළාත් ධීවර මාත්‍යංශය රුපියල් 270,000.00 මුදලක් වැය කොට තිබිණි.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මගින් අඩු ආදායම් ලබන,අඩු වරප්‍රසාද ලාභී පිරිසක් වන වතු ප්‍රජාවගේ ආදායම් ඉහළ නැංවීමත් , ඔවුන්ගේ දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයන් අඩු වියදමකින් සපුරා ලීමත් අපේක්ෂා කර ඇත. අදාල ව්‍යාපෘතිය දකුණු පළාත් ධීවර අමාත්‍යංශයේ ලේකම් විදුර කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි වාර්ෂික සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක කෙරිණි.මෙම අවස්ථාව සඳහා වැවිලි මානව සම්පත් සංවර්ධන භාරයේ අධ්‍යක්ෂ දේව රන්ජන් මහතා, දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) රසාංග සූරියාරච්චි මහතා, වටවල වැවිලි සමාගමේ සහකාර කළමනාකරු අසංක ඒකන්.........


දකුණේ විශිෂ්ට රාජ්‍ය ආයතන ඇගයීමක්

by superadmin

Posted on 2022-02-18

.........


Keeping proper notes in the books of account for the managers and clerks of the member societies of the Galle District Fisheries Co-operative Society.

by superadmin

Posted on 2022-01-13

Training workshop for managers and clerks of Galle District Fisheries Co-operative Societies on Systematic and Accurate Recording of Books of Accounts held on 24.12.2021 at Galle Fisheries Harbor Premises..........